Wednesday 10 May 2017

මුස්පේන්තු රාත‍්‍රිය



අහස අපට උරුම නැතැයි කී
මුහුද වෙන් කර හුරා ගත් රටෙහි
මරණ වළලා පැමිණෙන
රියයන්හි ඔළු තැලී
මාර්ග මහ මුහුදෙන් වැසී

පරාජය කර දැමු
හයිය හස්ත සියල්ල
මුහුදට ගෙනගොස් දියකර
වචන නොමැති රාත්‍රියේ
මරණ බියෙන් ගිලුණි වතුර

මුහුණු ඉරා දැමු දුපතේ
පැන යන්නට මාර්ගයක් නොමැති
ඇලී තිබුණු ගස් දෙකක් අතර
එක් බෙනයක් තිබුණි සෑදී

එක් ලොකු ලෝකයක, වෙඩි ; හැලෙන
කණ්නාඩියේ
කුඩා එවුන් සිනාසෙනවා පෙනුණි.

වේදනාව සොයමින්
පැමිණෙන විට හමුදාව
සුනකයින් දෙදෙනෙකු ඇවිදිමින් සිටින නගරයක
ඇසුණි උඩුබුරන හඬ

සෑම දෙයක්ම අවසන් වූ තැන
ඉතිරි වූ හිත්
සොයා නැතිකරන්න
අපුරු ඇඳුමකින් ඇවිද සිටියේය සිංහයා

නෙත් වහන්න
රාත්‍රීන් අඬගසන
දවස් වල
කළු රාත්‍රිය
පැමිණියේ අහසින්ය.

හැරී ගිය මුහුදේ
අහස පිරිමදින
මිනිසුන් නැති මිහිපිට
පරාජයක් සටහන් කළ
ඉතිහාසයක
පිරී තිබුණි මරණ

පෑගෙනවා ඇත අපගේ භූමිය
දීපච්චෙල්වන්

13.01.2009


Poem : Theepachelvan
Translation : Anusha Sivalingam