Thursday, 30 November 2017
තෙපලන්න මගේ සොහොන වෙත ගොස්!
අපේ හදවත් දැදුරු කළ
යුද්ධයේ පාෂාණ දෙස බලා සිටියා ඇති
අපට මරණය ගෙනා
ඔල්වරසන් ජයඝෝෂා මැද
ඔබ රණවිරුවන්ගෙ පිළිම දෙස බලා සිටියා ඇති
අපේ දේශය තුල
නසා වනසා දැමුණු අප සිරුරු මතින්
ඒකීය රාජ්‍ය නර්තනයේ යෙදෙමින්
යුධයෙන් විදි ගල් දෙස බැලුවා ඇති
අප විරුවන් මිහිදන් කළ බිම වෙත
පැමිණෙනා සිංහල සොහොයුරනි
බලන්න මුහුණු මත රැඳි සෝ තැවුල් තුවාල දෙස
ශතවර්ෂ ගණනක් අප හිස පිට රැඳි
මහා පා වල වීර විකුමන් නරඹන්න
රණකාමි ඔබේ බලමුළු පෙරමුණු දැකගන්න
මියගියවුන් නින්දේ සැතපෙන
සයනාගාර බිමෙහි තෙදවත්බව දකින්න
යන්තමින් ඇටවුණු
අප සොහොන්කොත් හා
තෙපලන්න අප සිහල සොහොයුරනි
බිඳ දැමුණු සොහොන්කොත් තුල නිදන හැම හදවතකම
රැඳී ඇත එකම පවසක්
පරම්පරානුගත සිහිනයක්
-දීපචෙල්වන් ප්‍රදීපන්
Translation: wojitha karunayakke
Saturday, 11 November 2017
කුර්දි කඳු
ගරිල්ලා ළඳුන් සුරතින්
එසැවුණු ධජයෙහි
සිනාසෙන හිරුගේ එලියෙන්
දිදුලන අක්රාග පුරවරයෙහි
ජූඩි කඳු මුදුනතින්
ඇසෙන එක පැහැර පතළව
නිදහස ලැබුවෙය යි හඬ නගන
කුර්දි දරුවකුගෙ නාදය
අරගලෙන් මිය ගිය සැමියා වෙනුවෙන්
යුප්රනටීස් නදී තෙර
ඔලිව් තුරක් මෙන්
තවත් නොයනු ඇත කඳුළු මත්තෙන්
ඔහුගේ සොහොන්කොත වෙත
නිසල නොවෙනා ටෛග්රිතස් නදිය සේ
පරපුරක උරුමයක් වුණු
විමුක්තියක සිහිනය හිස දරා
දිනූ නිදහසක
ඔබ හදවත්හි විකසිතවූ
බ්රිදටිලා මල් සුවඳ
විඳින්නෙමි මම
ලෙයින් නැහැවී ගිය
කුර්දි කඳු ශිඛරයෙනි
දිනක් උදාවනු ඇති
ඔබේ දේශයට මෙන්
අපේ දේශයටද
අපේ අත්වලද ධජ කොඩි ලෙළදෙන
ත්රිඅකුණාමල කඳුමතින් ඇසෙනු ඇති ඔබට
අපේ නිදහස පළකරන
ඊලම් දරුවාගෙ නාදය
ලිනූස් මල් සුළඟේ පිපී වැනෙනාසේ
ඔසවා අපේ ධජයන්
අපේ සිහිනය ඔබේ නෙත් තුල
අපේ පවස ඔබේ හදවත් තුල
දරාගත් ගිරි ශිඛරයෙනි
දොරගුළු ලා වැසුණු
අප සිටිනා තැනෙහි නිදහස
දකින්නට රිසියෙමු ඔබේ උර මතින්
අරගලකරුවකුගෙ අවසන් බැල්ම සේ
දැඩිය, තිරය අපගේ නිදහස
ගරිල්ලා සෙබළු වැනි කුර්දි ගිරි ශිඛරයෙනි
අප ඔබේ මිතුරන්ය
ඔබ අපේ මිතුරන්ය
කුර්දි කඳු ශිඛර මෙන්
පූජනීයයි අපේ විමුක්තිය
-දීපචෙල්වන්
Singala Translation: Wojitha Karunanayakke
Publish by Aththa and Globaltamilnews
Wednesday, 10 May 2017
මුස්පේන්තු රාත‍්‍රිය
අහස අපට උරුම නැතැයි කී
මුහුද වෙන් කර හුරා ගත් රටෙහි
මරණ වළලා පැමිණෙන
රියයන්හි ඔළු තැලී
මාර්ග මහ මුහුදෙන් වැසී
පරාජය කර දැමු
හයිය හස්ත සියල්ල
මුහුදට ගෙනගොස් දියකර
වචන නොමැති රාත්‍රියේ
මරණ බියෙන් ගිලුණි වතුර
මුහුණු ඉරා දැමු දුපතේ
පැන යන්නට මාර්ගයක් නොමැති
ඇලී තිබුණු ගස් දෙකක් අතර
එක් බෙනයක් තිබුණි සෑදී
එක් ලොකු ලෝකයක, වෙඩි ; හැලෙන
කණ්නාඩියේ
කුඩා එවුන් සිනාසෙනවා පෙනුණි.
වේදනාව සොයමින්
පැමිණෙන විට හමුදාව
සුනකයින් දෙදෙනෙකු ඇවිදිමින් සිටින නගරයක
ඇසුණි උඩුබුරන හඬ
සෑම දෙයක්ම අවසන් වූ තැන
ඉතිරි වූ හිත්
සොයා නැතිකරන්න
අපුරු ඇඳුමකින් ඇවිද සිටියේය සිංහයා
නෙත් වහන්න
රාත්‍රීන් අඬගසන
දවස් වල
කළු රාත්‍රිය
පැමිණියේ අහසින්ය.
හැරී ගිය මුහුදේ
අහස පිරිමදින
මිනිසුන් නැති මිහිපිට
පරාජයක් සටහන් කළ
ඉතිහාසයක
පිරී තිබුණි මරණ
පෑගෙනවා ඇත අපගේ භූමිය
දීපච්චෙල්වන්
13.01.2009
Poem : Theepachelvan
Translation : Anusha Sivalingam
Subscribe to:
Posts (Atom)