ත්‍රස්තවාදියෙකුගේ දියණිය
0 Comments - 26 Mar 2018
ඉවසා දිගු දවසගියේය මළසිරුර වෙතතැබා අවසන් මොට්ටුවමේ වැනි අවසානයක් තවබිරිඳකුට අත් නොවන්න කල්ප කාලයකට පසුසිය සහකාරිය අබියසමෙවන් වෙන්වයාමක්නොමවන්න කිසිම ගැහැනියකට නැග හනි හනිකබසයකි බන්ධනාගාරයට යනමේ වැනි බසයකට තවඈ වැනි දියණියක් නොනගින්න මවගේ මිණිය වටාපැදකුනු කළේ පුතා මෙවැන් වයසකදී පුතෙකුඅත් නොවිදිය යුතුය පතා ගැට ගැසූ කම්බියකින් එපිටමුළු හතරක කාමරයකදි...

More Link
තෙපලන්න මගේ සොහොන වෙත ගොස්!
0 Comments - 30 Nov 2017
අපේ හදවත් දැදුරු කළයුද්ධයේ පාෂාණ දෙස බලා සිටියා ඇතිඅපට මරණය ගෙනාඔල්වරසන් ජයඝෝෂා මැදඔබ රණවිරුවන්ගෙ පිළිම දෙස බලා සිටියා ඇතිඅපේ දේශය තුල නසා වනසා දැමුණු අප සිරුරු මතින්ඒකීය රාජ්‍ය නර්තනයේ යෙදෙමින්යුධයෙන් විදි ගල් දෙස බැලුවා ඇතිඅප විරුවන් මිහිදන් කළ බිම වෙත පැමිණෙනා සිංහල සොහොයුරනිබලන්න මුහුණු මත රැඳි සෝ තැවුල් තුවාල දෙසශතවර්ෂ ගණනක් අප හිස පිට රැඳි...

More Link

Monday, 26 March 2018

ත්‍රස්තවාදියෙකුගේ දියණිය


ඉවසා දිගු දවස
ගියේය මළසිරුර වෙත
තැබා අවසන් මොට්ටුව
මේ වැනි අවසානයක් තව
බිරිඳකුට අත් නොවන්න

කල්ප කාලයකට පසු
සිය සහකාරිය අබියස
මෙවන් වෙන්වයාමක්
නොමවන්න කිසිම ගැහැනියකට

නැග හනි හනික
බසයකි බන්ධනාගාරයට යන
මේ වැනි බසයකට තව
ඈ වැනි දියණියක් නොනගින්න

මවගේ මිණිය වටා
පැදකුනු කළේ පුතා
මෙවැන් වයසකදී පුතෙකු
අත් නොවිදිය යුතුය පතා

ගැට ගැසූ කම්බියකින් එපිට
මුළු හතරක කාමරයක
දිවි ගෙවයි ත්‍රස්තවාදියෙකුගේ දියණිය
සිත පළා මතුව එයි කිසිම දුවෙකුට
නොවන්න මේ වැනි තත්වයක් මතුව

දීපච්චෙල්වන් ප්‍රදීපන්
පරිවර්තනය : අනුෂා සිවලිංගම්